2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ දී පැවැත්වෙයි.

“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top