ජනපති සහ බ්‍රිතාන්‍ය අගමැති හමුවක්

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට නියමිතය.

මීට අමතරව ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙන අතර, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් ලැබී තිබේ. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද සහභාගී වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top