සුදාකරන්ගේ නිදහස අවධාරණය කර ලබාගත් අත්සන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට..

දෙමළ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන්ව නිදහස් කරන්නැයි ඉල්ලා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය අචාර්‍ය කේ. සර්වේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමය විසින් සිදුකළ අත්සන් එක්රැස් කිරීමේ වැඩපිළිවල මඟින් ලබාගත් ලක්‍ෂ තුනක අත්සන් සහිත පිටපත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමය විසින් එම පිටපත් වාර්තාව උතුරු පළාත් නියෝජ්‍ය මහ ඇමැති සහ අධ්‍යාපන ඇමැති අචාර්‍ය කේ. සර්වේස්වරන් මහතා වෙත භාරදී තිබේ.

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමයේ නියෝජිතයන් සහ ආනන්ද සුදාකරන්ගේ දරුවන් විසින් එම පිටපත් වාර්තාව උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වෙත භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top