එක්නැලිගොඩ නඩුවේ තව දෙන්නෙකුට ඇප

එක්නැලිගොඩ ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (8) නියෝග කර තිබේ.

ඒ අනුව වඩුගෙදර විනී ප්‍රියන්ත නිලංජන් උපසේන හෙවත් සුරේෂ් හා කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර උපසේන හෙවත් රංජි රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.

අදාළ සිද්ධියට ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදා බුද්ධි අංශ සෙබළුන් සිව්දෙනෙකුට ඉකුත් ඔක්තෝබර් 24දා තවත් බුද්ධි අංශ සෙබළුන් දෙදෙනෙකුට ද ඇප ලබාදී තිබුණි. ඒ අනූව මේ දක්වා යුද හමුදා අංශ සෙබළුන් 08 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top