ආනයනික රන් මත 15%ක බද්දක් – රන් පවුම 8000 කින් වැඩි වෙයි

ආනයනික රත්‍රන්වලට වටිනාකම පදනම් කරගනිමින් 15%ක බද්දක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනවා.

පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු ක්‍රියාත්මක කරන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

ඊට අදාළ උපදෙස් ඊයේ (18) පෙරවරුවේ රේගුව වෙත නිකුත් කර තිබෙනවා.
ආනයනික රත්‍රං සඳහා මතෛක් බද්දක් ලෙස අය වූයේ 9%ක පමණ ප්‍රතිශතයක් වන අතර එය 6%කින් ඉහල දමා තිබෙනවා.

මේ සමග රන් පවුමක වටිනාකම රුපියල් 8000කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව රන් අලෙවිකරුවන් සඳහන් කරන අතර පවුමක වටිනාකම මේ අනුව රුපියල් 58,200ක් තෙක් වැඩි වනු ඇති.

මෙහිදී අදාළ මුදලට සාපේක්ෂව රන් භාණ්ඩ මිලද ඉහළ යාමට නියමිතයි.
මේ අතර ලෝක වෙළෙඳ‍පොළේද රත්‍රන් මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර නිව්යෝර්ක් වෙළෙඳ‍පොළේ මෙම සති අන්තයේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 1345ක් ලෙසයි.

මැද පෙරදිග දැනට පවතින දේශපාලන අර්බුදය හා වෙනත් ගෝලීය බලපෑම් මෙලෙස ලෝක වෙළෙඳ‍පොළෙහි රත්‍රන් මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top