පුද්ගලයින් 5 දෙනෙකු මිය යෑමේ සිද්ධියට සම්බන්‍ධ හොරණ කම්හලේ කළමණාකරු අත්අඩංගුවට

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලාවේ රසායනික වළකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනකු මිය යාම හා තවත් පිරිසක් රෝගීවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කම්හලෙහි කළමණාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කම්හළේ හිමිකරුවා මේ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

අද දහවල් එක් පුද්ගලයකු මෙම ඇමෝනියා වලට ඇද වැටී තිබූ අතර ඔහු බේරා ගැනීමට යාමේදීයි අනෙක් පිරිස ඊට ඇදවැටී මිය ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top