කේලම් කියන දේශපාලනඥයන් ගැන ජනතාව හොඳින් දන්නවා – දුමින්ද දිසානායක

කේලම් කියන දේශපාලනඥයන් ගැන ජනතාව හොඳින් දන්නා බවත්, එම නිසා ඩිලාන් පෙරේරා වැනි අය කරන ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී එසේ කී දුමින්ද දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

” ඩිලාන් පෙරේරා මහතා කරන ප්‍රකාශවලට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. ඔහු කාලයක්‌ වස බෝතල් අරන් ආවා. ඔහු රටට කියන බොහෝ ප්‍රකාශ ජනතාව පිළිගන්නෙත් නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයා වශයෙන් මටත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් වශයෙන් මහින්ද අමරවීර මහතාටත් පක්‍ෂයේ වගකීමක්‌ පැවරී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සභාපතිවරයෙක්‌ ඉන්නවා. පක්‍ෂයේ සභාපතිවරයා තමයි තීන්දු තීරණ ගන්නේ. ඒ තීන්දු රටට කියන්නේ මහලේකම්වරුන්.

මා එක්‌සත් ජාතික පක්‍ෂය සමග ගනුදෙනු කරන්නේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් ‘සටන් කළ’ 2014 නොවැම්බර් මාසයේ සිටයි. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය සමගවත්, රනිල් වික්‍රමසිංහ සමගවත් පුද්ගලික ගනුදෙනුවක්‌ නැහැ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top