පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදයි..

මාදුළුවාවේ සෝභිත හිමිවත්මන් යහපාලන රජය බිහිකිරීමෙහි ලා ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදට (08) යෙදී ඇත.

මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය වසරේ නොවැම්බර් මස 08 වැනිදා අපවත්වූ අතර ඒ වන විට උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී තම අසනීප තත්ත්වය සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියහ.

සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් අද(08) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී විශේෂ සමරු උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම සැමරුම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top