බණ්ඩාරවෙල, බලගල ප්‍රදේශය නැවත ගිලා බැසීමේ අවධානමක්

බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ ඊයේ (21) නිරීක්ෂණය වූ ගිලා බැසීමේ අවදානම් තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

ගිලා බැසීමේ තත්වය හේතුවෙන් මේ වන විටත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

වර්ෂාවක් පවා නොමැති අවස්ථාවක ඇතිවූ මෙම ගිලා බැසීමේ තත්වයට නිශ්චිත හේතුවක් මේ වනතුරුත් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද හෙතෙම වැඩිදරටත් පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top