පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ හොරණ කර්මාන්ත ශාලාවේ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට

ඇමෝනියා වායුව ආග්‍රහණය වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) පස්වරුවේ හොරණ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

හොරණ, දික්හේන්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධියට අදාල කර්මාන්ත ශාලාවේ කළමනාකරු පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top