මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මත්ද්‍රව්‍ය ළග තබාගත් 11ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇත.

බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් ස්ථාන 4ක නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයක් අතරතුරදී වැටලීම සිදුකර ඇත. මුහුණපොත භාවිතයෙන් පවත්වාගෙන යන සංසදයකට අයත් දෙසීයකට වැඩි තරුණ තරුණියන් පිරිසක් සාදයට සහභාගී වූ බව වාර්තා වේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් ළග තිබී ගංජා,හෂීස් සහ මත්පෙති තොගයක් පොලිස් භාරයට ගැනුණි. මත්ද්‍රව්‍ය බෙදාහරින සහ මෙවැනි කටයුතු සංවිධාන කරන පිරිසක් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top