වැල්ලව, පල්ලේකොටුව ප්රදේශයේදී පියෙකු සහ පුතෙකු දුම්රියට පැන සියදිවි හානි කර ගෙන තිබේ.
කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන ඔවුන් සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචිව සිටි 30 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 08 හැවිරිදි පුතා බව පොලීසිය සඳහන් කළේය.
පශ්චාත් මරණ පරික්ෂණය අද(23) සිදු කිරිමට නියමිත අතර වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.