ඇමරිකාවේ මර්සී නාවික නෞකාව ත්‍රිකුණාමලය වරායට..

ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) මූලික අරමුණ කරගත් වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ඊයේ 25 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

මෙම මස 25 වන දින සිට මැයි 09 දක්වා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පේරූ, කැනඩාව හා ජපානය යන රටවල්හි හමුදා සාමාජිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙවර පැසිෆික් සහයෝගීතා වැඩසටහනට එක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top