කේප්පාපිලවු හමුදා කඳවුර අසල පිහිටි තේක්ක රක්‍ෂිතයට යළි ගින්නක්..

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු හමුදා කඳවුරට අසල පිහිටි තේක්ක රක්‍ෂිතයෙහි ඊයේ (25) දින යළි ගින්නක් හටගෙන තිබේ. දැඩි උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පැවැසේ. හමුදාව විසින් ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්නෙන් අක්කර 25ක පමණ තේක්ක ගස් විනාශයට පත්වී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top