ජාතික සංහිඳියාවේ පණිවිඩය ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනපති පවසයි.

ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජය වෙත ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙලට සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (27) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සියලූ ජාතීන්ට අයත් සිසුන් එක්ව අධ්‍යාපනය ලබන පාසලක් තුළින් ජාතික සංහිඳියාව පිළිබඳ සමාජයට ලබාදෙන්නේ මහඟු පණිවිඩයක් බවත්, ජාතික සමගිය ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් පාසල් අධ්‍යාපනය තුළින් සිදුකළ හැකි බවත්ය.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්. දුමින්ද දිසානායක, චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, යන මහත්වරුන් අතුළු ආරාධිත පිරිසක්ද, විදුහල්පති ඒ.එම් ජාෆර් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top