දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාව හදනවා – විමල්

විමල් - මහින්දදෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මුළු මහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ ඉල්ලීම් සියල්ල නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටින බව හෙතෙම පවසා තිබේ.

නව ව්‍යවස්ථාවක් හදන්න ඉඩ දීලා අපි බලා හිටියොත් අපේ අනාගත පරපුරට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ වුවමනා ඉටු කිරීමට ඉඩ නොදිය යුතුයි. ව්‍යවස්ථාවට අදාළ අවසන් කෙටුම්පත එළියට එනතෙක් නොසිට අතුරු වාර්තාව එළිදක්වන අවස්ථාවේදීම එයට විරෝධය පළ කිරීමට සූදානම් විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top