අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

මූල්‍ය අපරාධ චෝදනා එල්ලවී තිබියදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ හෙළිදරව් කිරීම් මත ඉවත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඊයේ (15) රාත්‍රියේ පොල්ගම්පල මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙනි.

උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බොරලු පස් සැපයීම සදහා රුපියල් අසූලක්ෂයක මුදලක් ලබාගෙන එම මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇති නඩුවක් මගහැරීම නිසා මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගම්පල මහතා දින කිහිපයකින්ම රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමටද මූල්‍ය වංචා ඇත්‍ළු චෝදනා හේතුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top