ඇමරිකානු ජනාධිපතිවරණය – ට්‍රම්ප් ලෝක බලවතා වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තහවුරු කර ගෙන තිබේ. ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද කොට්ඨාස 538කින් ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 278ක් ලබා ගෙන ඇති බව වාර්තාවේ. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.

ඒ අනුව, මාස ගණනක් පුරා පැවති මත විමසුම්වලදී ජනාධිපතිවරණයේ වාසිය ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හිමි කරගනු ඇතැයි ප්‍රකාශ කර තිබියදී, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් පස් වැනි ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ ලොව කොටස් වෙළඳපොළ රැසක ක්ෂණික පසුබෑමක් ඇතිවී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top