A/L විශිෂ්ඨයෝ මෙන්න…

මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කෙරුණු අතර එය මේ වනවිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැක.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු, දෙවැනි, තෙවැනි ස්ථාන මෙසේ ය.

ජීව විද්‍යා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුද්‍රා රාජපක්ෂ සිසුවිය හිමි කරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ සිසුවා හිමිකරගෙන තිබේ. තෙවැනි ස්ථානය මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් සිසුවා හිමිකරගෙන ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය හිමි කරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ සිසුවාද තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවාද හිමිකරගෙන තිබේ.

වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවා හිමිකරගෙන ඇති අතර දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර සිදුවිය හිමිකරගත්තාය. තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න සිසුවියයි.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස් සිසුවිය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියද තෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි පිටිගල සිසුවියද හිමිකරගෙන ඇත.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න සිසුවා හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන් සිසුවාත් තෙවැනි ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් සිසුවාත් හිමිකරගෙන තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය කල්මුණේ සමන්තුරෙයි විද්‍යාලයේ රිෂා මොහොමඩ් හිමිකරගත්තේය. තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල් සිසුවා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top