උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කෙරේ

උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි.

ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නොවන අයුරින් සිදුකෙරෙන ඉඩම් නිදහස් කිරීමේ කි‍්‍රයාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙනවා. යුධ හමුදාව පවත්වාගෙන යන ගොවිපොළවල් පිහිටි රජයට අයත් ඉඩම් අක්කර 1099 ක් ඒ යටතේ නිදහස් කෙරෙනවා. කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති‍්‍රක්ක වලට අයත් එම ඉඩම් ජනවාරී දෙවන සතියේදී යළි ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top