පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිමිනමක් සහ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි.

මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ (18) හබරණ පොලිස් ස්ථානයට පැමිණීල්ලක් කර තිබිණි. එම පැමිණීල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති හබරණ පොලිසිය පලුගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් හා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය තරුණයා හා අදාල හිමිනම ඇතුලු පිරිස අතර ඇතිවූ ආරවුලකින් පසු සැකකාර හිමි නම ඇතුලු පිරිස එක්ව තරුණයා ඝාතනය කර කැලෑබඳ ප්‍රදේශයක වළදමා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

පෙරේදා 17 මෙම ඝාතනය සිදුවූ බවත් අදාළ තරුණයාගේ අතුරුදහන්වීමත් සමඟ ගම්වාසීන් ඊයේ එම තරුණයා සෙවීමේ මෙහෙයුමක් ප්‍රදේශය පුරා ක්‍රීයාත්මක කරද්දී සැකකාර හිමි නම ගම්වාසීන් සමඟ එම සෝදිසි මෙහෙයුම් සදහාද එක්ව ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්දයෙන් හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top