මහ බැංකු බැඳුම්කර වංචාව ජාත්‍යන්තරයට ගෙන යනවා – ජි.එල්.

ජි.එල්හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පුරවැසිභාවය දරන සිංගප්පූරුවේ සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (සිංගප්පූරුවේ මහ බැංකුව) ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකාවේ බැඳුම්කර වංචාවට අදාළ ප්‍රධාන පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

සිංගප්පූරු මහ බැංකුවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව යන ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට එම බැඳුම්කර වංචාවේ පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරන බව ද හෙතෙම පවසා තිබේ.

ලබන සතිය ඇතුළත එකී වාර්තා ඒකාබද්ධ විපක්‍ෂය විසින් එම ජාත්‍යන්තර ආයතන වෙත යවමින් එම ආයතන දැනුවත් කිරීමට අපේක්‍ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top