ඉන්දියාවට ඉදිරි මාස කිහිපයකින් අලුත් මුදල් නෝට්ටු

sakthiඉන්දියාව තුළ තවත් මාස කිහිපයකින් අලුතින් රුපියල් දාහේ නෝට්ටු නිකුත් කරන බව ඉන්දිය මධ්‍යම ආර්ථික කටයුතු පිළිබඳ ලේකම්වරයා පවසයි.

කළු සල්ලි ලෙසින් කතාබහ කරන මුදල් විශාල ප්‍රමාණයක් ඉන්දියාව තුළ තිබීම නිසා එය තුරන් කිරීමේ අරමුණින් දැනට භාවිතා කරන රුපියල් 1000සේ සහ 500යේ මුදල් නෝට්ටුව අවලංගු කරන බවට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණි. ඉන් අනතුරුව රුපියල් 500යේ සහ රුපියල් 2000 අලුත් නෝට්ටු අද දින පටන් නිකුත් කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබේ.

මෙවැනි තත්වයකදී අලුතින් රුපියල් 1000 නෝට්ටු නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ඉන්දිය ආර්ථික කටයුතු පිළිබඳ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top