පාද යාත්‍රාවේ ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුනේ පිටින් පැමිණි සුළු පිරිසක් – මහින්ද

– Global Tamil News –

පාද යාත්‍රාවේ ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුනේ පිටින් පැමිණි සුළු පිරිසක් - මහින්ද

පාද යාත්‍රාවේ අවසන් දිනයට එක්‌වූ පිටින් පැමිණි සුළු පිරිසක්‌ ඕනෑවට වඩා සෙල්ලම් දැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

පාද යාත්‍රාව ආරම්භ කළ මොහොතේ සිටම අවසානය දක්‌වාම ඉතා සාර්ථක පැවැත්වූ බව හෙතෙම පවසා තිබේ.

පාද යාත්‍රාව මෙතරම් සාර්ථකවෙයි කියා පොලිසිය පවා නොසිතූ බවත්, පාද යාත්‍රාව සංවිධානය කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියළු දෙනාටම ස්තූතිය පළ කර සිටින බව ද හෙතෙම පවසා තිබේ.

මෙම පාද යාත්‍රාවට අවංක හැඟීමෙන් යුතු විශාල පිරිසක් සහභාගි වූ බවත්, ඇතැමුන් එය කඩාකප්පල් කිරීමට ද තැත් කළ බව මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් පවසා තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top