අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

c649548fea29fb7e59854d856ba47969_xlඅල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.

වෝහාරික විද්‍යාව පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න මහතා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර ශී‍්‍ර ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වාදීමට ද මූලික වී කි‍්‍රයා කළ අයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top