පැනගිය වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් 05 දෙනා යළි අත්අඩංගුවට

Arrest 01 අත්අඩංගුවටවකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පළා ගිය ඉන්දීය ජාතිකයින් 5ස් දෙනා ඇතුළු 6 දෙනෙකු මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පේසාලෙයි පොලීසියට ලද තොරතුරක් මත මන්නාරම පේසාලෙයි මුහුදු තීරයෙන් ඉන්දියාව බලා ගමන් කිරීමට සූදානම්ව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

පසුගියදා රැඳවුම් කඳවුරේ රඳවා සිටියදී පැන ගිය සැකකරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා තිබෙන අතර, ඔවුන් අද (11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේසාලෙයි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top