අවතැන් ජනතාවට පූට්ටු ගෙවල් ලබාදීම පිළිගත නොහැක – දෙමළ ජාතික සන්ධානය

sumanthiran- සුමන්දිරන්උතුරේ අවතැන් ජනතාවට පූට්ටු ගෙවල් ලබාදීම පිළිගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි. පූට්ටු ගෙවල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය උත්සහ කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා චෝදනා කර තිබේ.

සිමෙන්ති ගල්වලින් නිවාස ඉදිකළ යුතු බව ඔහු ඉල්ලා තිබේ. පාර්ලිමෙන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. රජයේ නිවාස 65 දාහේ ව්‍යාපෘතිය අධික වියදමකින් සිදු කරන බවත්, ඊට වඩා අඩු වියදමකින් නිවාස ඉදිකළ හැකි බව ද සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top