සෑම පුද්ගලයෙකුගේම ආර්ථික මට්ටම ඉහළ නැංවීමට රජය කටයුතු කරනවා – අගමැති

සෑම පුද්ගලයෙකුගේම ආර්ථික මට්ටම ඉහළ නැංවීමට රජය කටයුතු කරනවා - අගමැතිකොළඹ නගරය සංවර්ධනය කිරීම මගින් එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්වයද ඉහළ නැංවීමටත් සමාජයේ සෑම ස්ථරයකම පුද්ගලයෙකුගේම ආර්ථික මට්ටම ඉහළ නැංවීමටත් රජය අරමුණු කරගෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) මාලිගාවත්ත “සියසෙත සෙවණ‘‘ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට  සහභාගී වෙමින් මේ බව පවසා තිබේ.

කොළඹ නගරයට වසංගතයක් වී ඇති කුඩු උවදුර තුරන් නොකර කොතරම් නිවාස ඉදිකරත් වැඩක් නැති බවත්, නිවාස ඉදිකරනවා මෙන්ම කුඩු උවදුර තුරන් කිරීම සදහා කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මාලිගාවත්ත නිවාස 266 කින් යුතු සියසෙන සෙවන ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා අතින් ඊයේ ජනතා අයිතියට පත් කැරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top