තම පරාජයට හේතුව FBI ප්‍රධානියා – හිලරි

hilary-clinton හිලරිඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් තම මැතිවරණ පරාජයට FBI ප්‍රධානී ජේම්ස් කොම්ලි වගකිව යුතු බවට චෝදනා කර තිබේ.

තමා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කාලයේ සිදුවූයේ යැයි කියන ඊමේල් අවභාවිතයක් සම්බන්ධයෙන් මැතිවරණයට දින කිහිපයක් තිබියදී නව පරීක්ෂණයක් ආරම්භ කිරීම හේතුවෙන් තම මැතිවරණ ව්‍යාපාරයේ පැවති උද්‍යෝගය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බව ඇය පවසා ඇත.

මේ අතර දහස් ගණනක් විරෝධතාකරුවෝ හතරවැනි දිනයටත් ජනාධිපති පදවිය සඳහා තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පළ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top