අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක්

බස්මාර්ග නීති උල්ලංඝනය කිරීමකදී අයකරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරුද්ධය පළකරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිදුකරන වර්ජනයට සහයෝගය දැක්වීමට තම සංගමය යටතේ ධාවනය වන බස්රථ සියල්ලම එකතුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

කිසිදු හේතුවක් මත බස් වර්ජනය නවතා දැමීමට අදහස් නොකරන බස් සංගම් අවධාරණය කර තිබේ.

දඩ මුදල් ඉහළ දැමීම නිසා දුර ගමන් සේවා බස්රථ රියදුරන්ද දැඩි අපහසුතාවයන්ට පත්වන බැවින් මීට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව බස් හිමියන් සමග අද දිනය තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අන්තර් පළාත් බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top