පුද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

noක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අවම වාහන දඩය රුපියල් 2500ක් කිරීමට විරෝධය දක්වමින් බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේ නමුත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.

සාකච්ඡාවෙන් පසු අමාත්‍ය රවී කරුණානායක මහතා ද පැවසුවේ රුපියල් 2500 දඩය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර ඇති අයුරු ගැටළු සහගත බව හා මේ ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කර පිළිතුරක් ලබාදෙන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top