ආවා ගෘෘප් යැයි සැකපිට අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගේ ඥාතීන් මානව හිමිකම් කොමිසමට

තංගවේල් කනකරාජ්උතුරේ ක්‍රියාත්මක “ආවා” නැමැති කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා කරමින් සැකපිට පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය මගින් ත්‍රස්ත මර්දන පනත යටතේ අදාළ සැකකරුවන් යාපනය සහ අවට ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ඔවුන්ගේ ඥාතීන් පවසා තිබේ.

අපරාධ ක්‍රියා සහ නීති විරෝධි කටයුතුවල නිරතවූ බව පවසා එම පිරිස අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි. සොරකම් සිද්ධීන් සම්බන්‍ධයෙන් චෝදනා කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙනවිත් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම නීති විරෝධී යැයි අත්අඩංගුවට පත්වූවන්ගේ ඥාතීන් පැමිණිළි කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිළධාරී තංගවේල් කනකරාජා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top