මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි – ජාතික භික්ෂු පෙරමුණ

ජාතික භික්ෂු පෙරමුණජනතාව මත අධික ලෙස බදු බර පටවමින් වත්මන් පාලකයින් අධි සුඛෝපභෝගි ජීවිත ගත කරන බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරයි.

ඊයේ (15) කොලඹ දි පැවති මාධ්‍ය හමුවක් ඔවුන් මේ බව පවසා තිබේ. එහි දී අදහස් දක්වමින් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සදහන් කර සිටියේ වත්මන් යහපාලන රජයේ මුල් කාල සීමාව තුළ දි සිදු වු මහ බැංකු මුදල් මංකොල්ලයෙන් රටට අහිමි විශාල මුදල් සම්භාරය නැවත ලබා ගැනීම සදහා 2017 වසරේ අයවැය තුලින් ජනතාවට අධික ලෙස බදු බර පැටවීමට උත්සාහ  කර ඇති බවයි.

එමෙන්ම ජනතාව වෙත බදු බර පටවමින් කටයුතු කිරීම පමණක් සිදු නොකරන ලෙසත් පාර්ලිමේන්තුව තුළ අධික සැප පහසුකම් විදිමින් වසර 05ක කාලයක් සිට ඉන් ඉවත්වන මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බව ද උන් වහන්සේ එහි දි අවධාරණය කරන තිබේ.

මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අවධියේ දි ජනතාවගේ සුඛ විහරණය පිළිබද නොසිතා තම තමන්ගේ පුද්ගලික ධන සම්භාරයන් වැඩි කර ගන්නා මන්ත්‍රිවරුන්ට ජනතාවගේ මුදලින් විශ්‍රාම වැටුපක් ලැබීමට සාදාචාරාත්මක අයිතියක් නොමැති බවද වැඩි දුරටත් සදහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top