පක්‍ෂයෙන් ඉවත්වන්නේ නෑ – උතුරු පළාත් විපක්‍ෂ නායක තවරාසා ..

තවරාසාඊ.පී.ඩි.පී. පක්‍ෂයෙන් තමන් ස්ව කැමැත්තෙන් ඉවත් නොවන බවත්, උතුරු පළාත් සභාවේ විපක්‍ෂ ධූරයෙන් තමන්ව ඉවත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා වෙත ලිපයක් යැවීම සිද්ධිය ගැන තමන් කිසිවක් නොදන්නා බව උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සී. තවරාසා මහතා පවසයි.

උතුරු පළාත් සභාවේ විපක්‍ෂ ධූරයෙන් තවරාසාව ඉවත් කර එම ධූරයට කිලිනොච්චිය ඊ.පී.ඩි.පී පළාත් සභා මන්ත්‍රී වයි. තවනාදන්ව පත්කරන ලෙස එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබුණි. මේ සම්බන්‍ධයෙන් උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සී. තවරාසා මහතාගෙන් විමසූ විට ඔහු මේ බව පවසා සිටියේය.

එවැනි ලිපියක් සම්බන්‍ධයෙන් පක්‍ෂය තමන් සමඟ කිසිවක් සාකච්ඡා කර නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top