විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශට ඇප

සරත්පසුගිය රජය සමයේ ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස පළමු වැනිදා සරත් වීරවංශ මහතා අත්අඩංගුවට පත්වූ අතර, අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ යළි කැඳවු අතර එහිදී සරත් වීරවංශ මහතා රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top