රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර

රෝහිත අබේගුණවර්ධනපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (17) නියෝග කර තිබේ.

රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගැනීම සම්බන්‍ධ නඩුවකට අදාළව ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබුණි.

කෙසේ නමුත් නොවැම්බර් 25 වැනි දා සිට දෙසැම්බර් 20 දක්වා ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ඔහුවට විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top