අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107කින් සම්මතයි..

Parliament 01 - පාර්ලිමෙන්තුවඊයේ (18) දින පැවැති 2017 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 107න් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 162ක් හිමිවූ අතර විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 55ක් පමණි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ලංකා වතු කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද යන පිරිස අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අයවැයට එරෙහිව සිය ඡන්දය ලබා දෙන ලදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, තේනුක විදානගමගේ,චතුර සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සත් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේ නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top