දුමින්ද සිල්වා සිංගප්පූරුවට ගෙනයාමට අදහස් නැහැ – දුමින්ද සිල්වාගේ සොයුරිය පවසයි..

duminda_s_b දුමින්ද සිල්වාහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට සිංගප්පූරුවට ගෙනයාමට පවුලක් ලෙස කිසිඳු අවශ්‍යතාවයක්, අදහසක් හෝ ඉල්ලීමක් නොමැති බව දුමින්ද සිල්වාගේ සොයුරිය වන දිලින් ඈන් සිල්වා පවසයි.

සිය සොයුරා ව සිංගප්පූරුව වෙත රැගෙන යන බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් එය ජනතාව මුලා කිරීම සඳහා පතුරවන මුසාවක් බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

සිය සොහොයුරා ව පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින අයට ප්‍රතිකාර කළ නොහැකි පවසමින් ඔහුව ප්‍රතික්ෂේප කළ නමුත්, නමුත් හිසට වෙඩි දෙකක් වැදුනු කෙනෙක් ලෙස සිය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට දුමින්ද සිල්වා හට මානුෂීය අයිතියක් ඇති බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top