ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය රාජකාරියේදී සිදු කරන ලද බරපතළ දූෂණ වංචා කිහිපයක් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා සහ විවිධ රාජකාරී කටයුතු සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන මහජනතාවට සහ මහජන නියෝජිතයන් නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිළි ලැබී ඇති බව පැවැසේ.
පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඉඩම් කොමසාරිස්වරයා එම තනතුරින් ඉවත් කිරීමටත් ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමටත් නියමිත බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය වැඩිදුරටත් පවසා තිබේ.