කළුතර හා අවට ප‍්‍රදේශ රැසකට හෙට (22) වතුර නෑ

වතුරකළුතර හා අවට ප‍්‍රදේශ රැසකට හෙට (22) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි.

කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම නිසා මෙම තීරණය ගෙන තිබෙන අතර කළුතර උතුර සහ දකුණ, වාද්දුව, පොතුපිටිය, වස්කඩුව හා බෙන්තොට යන ප‍්‍රදේශවලට හෙට පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ අදළ ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top