වත්මන් ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක් ගෙනවිත් රට බෙදන්න හදනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා පැවසීය.
හෙතෙම එසේ පැවසුවේ පසුගිය (20) පදවිය ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැති ජනහමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් හිටපු ජනාධිපතිවරයා නව ව්‍යවස්‌ථාවෙන් බුදුදහමට තිබෙන තැන රකිනවා යෑයි පවසා රටේ ඒකීය භාවයට තිබෙන තැන නැතිකර ඇතැයිද කීවේය.
සියලු බලතල ෆෙඩරල් රාජ්‍යයකට භාරදීමට සූදානම් වන බවත් මේකට රැවටුණොත් අප සදාකාලිකවම රැවටෙන බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා වචනවලට රැවටිලා මව්බිමට ද්‍රෝහි නොවන ලෙස තමා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.