විපක්‍ෂ නායකයාට නිසි ආරක්‍ෂාව ලබාදී නැහැ – TNA

tna දෙජාසවිපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාට නිසි ආරක්‍ෂාවක් සපයා දී නැති බව දෙමළ ජාතික සන්ධානය ඊයේ (21) දින පාර්ලිමෙන්තුවේදී පවසා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා මේ සම්බන්‍ධයෙන් පාර්ලිමෙන්තුවේදී ප්‍රශ්ණ කර තිබේ. විපක්‍ෂ නායකයාට රජය සපයා ඇති ආරක්‍ෂාව අඩු බව හෙතෙම චෝදනා කර තිබේ.

ආරක්‍ෂාව සඳහා ලබාදී තිබෙන වාහන ද ප්‍රමතියක් නැති බවත්, මේ සම්බන්‍ධයෙන් රජය වහාම පියවරක් ගත යුතු බව හෙතෙම ඉල්ලා තිබේ. මේ සම්බන්‍ධයෙන් කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top