2017 වසරේ උදා ගම්මාන 400ක්

sajith-සජිත්2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කිරීමේ ඉලක්කය බවත් වසර 2015-2016 මේ දක්වා කාලය තුළ නිවාස එක්ලක්ෂ හැට හත්දහස් හාරසිය හැට හයක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බවද  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

අයවැය 2017 විවාදයේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඉදිරිකාලයේ දී ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් නිවාස පදික ස්ථාපි කරන්නට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මින් ඉදිරියට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීම ක්‍රියාත්මක වන්නේ ඒ කමිටුව හරහයි. 2017 දුප්පත්කම තුරන් කිරීමේ වසර හැටියට මේ මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන නියෝජිතය  හැටියට මාව පත් කළ මොහොතේ අපි ප්‍රතිඥාවක් දුන්නා.අපේ ඉලක්කය 2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කරනවා.ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් හැම දිස්ත්‍රික්කයකම උදා ගම්මානයක් ආරම්භ කරනවා”යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top