පසුගිය ආණ්ඩුවේ ‘ගෝඨා භයක්’ තිබුණා – ඇමති විජයමුණි

ගාමිණී විජිත් විජයමුණි සොයිසාපසුගිය ආණ්ඩු කාලයේ රාජ භය, චෝර භය හා ගෝඨා භය කියන භය ත්‍රිත්වයක් තිබූ බවත්, එම භය තුන නිසා කිසිවකුත් විරෝධයක් නොපෑ බවත්. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (28දා) අනුරාධපුර තන්තිරිමලේ පහළ මල්වතු ඔය ජල ව්‍යාපෘතියේ, ව්‍යපෘති කාර්යාලයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

“උමා ඔය, යාන් ඔය ව්‍යාපෘති ආරම්භ කළේ පහුගිය ආණ්ඩු කාලයේදීයි. මේ ව්‍යාපෘති ආරම්භ කරන කොට ගහකොළ සතා සිවුපාවා ගැන තකන්නේ නැතිව තමයි එදා ඒ ව්‍යාපෘති ආරම්භ කළේ. ඒ නිසා ඒ ව්‍යාපෘති වලට කිසිම කෙනෙක් විරෝධතාවක් පෑවේ නෑ. ඒ කාලයේ රටේ යුද්ධයත් තිබුණා. ඊට අමතරව මේ රටේ භය තුනක් තිබුණා රාජ භය, චෝර භය, ගෝඨා භය කියලා. මේ භය තුන නිසා කවුරුත් මේවාට විරෝධතාවක් පෑවේ නෑ”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top