පිල්ලයාන් ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

pillayan පිල්ලයාන්නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් සිව්දෙනා දෙසැම්බර් 14 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (30) නියෝග කර තිබේ.

දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටින පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්, දෙමළ ජනතාව විමුක්ති කොටි පක්‍ෂයේ හිටපු ජාතික සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා ක්‍රිස්ණරාජා, ගජන් මාමා හෙවත් කනකනායකම් සහ හමුදා බුද්ධි අංශ නිළධාරි එම්. කලීල් යන සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියොග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top