පෞද්ගලික බස් වර්ජනයෙන් ලංගමට කෝටි 12ක් සහ කොටුව දුම්රියපොළට ලක්‍ෂ 6කට වැඩි ආදායමක්..

increase ඉහළපෞද්ගලික බස් රථ වර්ජනය පැවති සිකුරාදා දිනයේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 120කින් සහ කොළඹ කොටුව දුම්රිය පොළේ ආදායම ලක්ෂ හයකින් ඉහල ගිය බව වාර්තාවේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික අදායම රුපියල් මිලියන 72ක් වන බවත් ඊයේ දිනයේ දෛනික ආදායම රුපියල් මිලියන 120ක් වූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිර්වර්ධන මහතා පවසයි.

මේ අතර, කොළඹ කොටුව දුම්රිය පොළේ දිනෙක ආදායම රුපියල් ලක්ෂ තිහත් තිස්පහක් වන බවත් බස් වර්ජනයදා එය ලක්ෂ 38 වු බව කොළඹ දුම්රිය පොළ සාමාන්‍ය අධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top