ආණ්ඩුවට පාවා දීම සඳහා දෙජාස ට ජන්දය ලබාදුන්නේ නැහැ – සුරේෂ්

suresh-1දෙමළ ජනතාව කුමක් බලාපොරොත්තුවී ජන්දය ලබාදුන්නාද එය නොලැබී මහ පාරට ඇද වැටෙයිද යන බියක් ඇතිවී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා තිබේ.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (3) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං-නීර්න අයිතිය, පරමාධිපත්‍ය යන කරුණු මුල් කොට ෆෙඩරල් යටතේ විසඳුමක් ලබා ගැනීමට ජන්දය ලබා දෙන්නැයි ඉල්ලා ජනතාවගේ ජන්දය ලබා ජයග්‍රහණය කළේය.

නමුත් දැන් උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් නැහැ, පරමාධිපත්ය සහ ස්වයං නීර්න අයිතය අපි ඉල්ලා සිටියේ නැහැ යැයි ප්‍රසිද්ධියේ ඔවුන් පවසා සිටින්නේ කුමන පදනමක් යටතේ දැයි පැහැදිළි කළ යුතු යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top