දකුණු කොරියා ජනපතිනියට එරෙහිව හයවන සතියටත් විරෝධතා

_92816559__92412695__92411180_mediaitem92411179දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් ලක්ෂ ගණන් ජනතාව හයවන සතියටත් සෝල් නගරයේදී වීදි බැස අඛණ්ඩව විරෝධතාවක නිරත වෙමින් සිටිති.

එරට විපක්ෂ කීපයක් ජනාධිපතිවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගොනු කිරීමෙන් පැයකට පසුව අද දින විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ බව වාර්තාවේ.

මෙම දෝෂාභියෝග යෝජනාව පිලිබඳ ජන්ද විමසීම සඳහා ලබන සිකුරාදා එකසිය හැත්තෑ එක් දෙනෙකුගෙන් යුත් නීති සම්පාදකයින් විසින් ජාතික මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපතිවරියගේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත්වීමට සිය මිතුරිය වන වංචනික චෝදනාවලට මුහුණ දී සිටින චෝයි සූන්ස්ලීට ඉඩකඩ සැලසීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සනාථ වුවොත් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පාක් ගුන් හෙයි ජනාධිපතිවරිය පැවසීය.

බීබීසි සිංහළ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top