සාමකාමීව සිටි දෙමළ, මුස්ලිම් ජනතාවට නැගෙනහිර මහ ඇමතිගෙන් ප්‍රසංශාව

හෆීස් නසීර්අන්තවාදීන් විසින් සිදුකරන ප්‍රකෝපකාරී කටයුතුවලට අසු නොවී අපගේ ඉල්ලීමට ගරු කර අවසන් වනතෙක් සාමකාමීව කටයුතු කළ මඩකළපුව දිස්ත්‍රික්ක දෙමළ හා මුස්ලිම් ජනතාවට ස්තූතිය පළ කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆීස් නසීර් මහතා පවසයි.

ඊයේ (03) දින මඩකළපුවේ ඇති වූ නොසන්සුන් තත්වය ගැන මාධ්‍යට නිකුත් කළ නිවේදනයකදී හෙතෙම මේ බව පවසා තිබේ.

ජනතාවට විනය ඉගැන්විය යුතු භික්‍ෂුන් විනය විරෝධි ක‍්‍රියාවල නිරතවූ නමුත් විනය ගරුකව සුළු ජාතකයන් කවදත් මෙම රටේ නීතියට ගරු කරන පිරිසක් බව දෙමළ හා මුස්ලිම් ජනතාව රටට පෙන්වාදී තිබේ.

සුළු ජාතිකයන් සාමකාමීව සිටීම හා නීතියට ගරු කිරීම ඔවුන්ගේ නිවටකමක් යැයි අන්තවාදීන් නොසිතිය යුතුයි. තවද බොදු බල සේනා සංවිධානය සහ අන්තවාදීන් දිගින් දිගටම සුළු ජාතිකයන්ව අපහසුතාවය පත්කරන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම හා එලෙස කටයුතු කිරීම කිසිසේත්ම පිළිගත නොහැක. ඔවුන් සම්බන්‍ධයෙන් ජනාධිපති සහ අගමැතිවරයා කඩිනමින් පියවරක් ගනියි කියා විශ්වාස කරන්නෙමු යැයි හෙතෙම පවසා තිබේ.

මෙම නොසන්සුන්කාරි තත්වයදී නීතිය හා සාමය රැකීමට අවසානය දක්වා අදාළ ස්ථානයේ සිට සිය රාජකාරි කටයුතු නිසිලෙස ඉටුකළ ආරක්‍ෂක අංශයට ද තම ස්තූතිය හා ප්‍රශංසාව පුදකරන බව නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top