ශ්‍රී ලංකාවේ ආගමික නිදහස තහවුරු කර තිබෙනවා – ජනාධිපති

මෛත්‍රීයහපත් ගුණගරුක මිනිසුන් බිහිකිරීමට ආධ්‍යාත්මික දර්ශනයන්ගෙන් ඉමහත් පිටිවහලක් ලැබෙන බැවින් තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අද ශ‍්‍රී ලංකාවේ තහවුරු කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

තැම්පල, රද්දොළුගම මෙතෝදිස්ත දෙව්මැදුරේ දෙශත සංවත්සර ජුබිලි මහෝත්සවයට ඊයේ (04) එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පාරවල් තැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි භෞතික සංවර්ධනයෙහි වේගවත් බවක් පැවතිය ද මිනිසාගේ ආධ්‍යත්මික ගුණ වගාව පහතට වැටී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ජනතාවගේ යහපත් හැසිරීම, සංවර්ධනයේ එක් ප‍්‍රමුඛ මිනුම් දණ්ඩක් බව ද කියා සිටියේය.

කිතුනු බැතිමතුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබේනම් එයට පිළියම් ලබා දීමට කටයුතු කරන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top